FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවන්න අරවින්ද ,රොෂාන්, මුරලිගෙන් යුතු කමිටුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව හා නගා සිටුවීම සම්බන්ධයෙන් නව යෝජනාවලියක් සකස් කර ඇත.   

ඒ පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි.

ඒ අනුව නව තේරීම් කමිටුවක් පත් කිරීමටත්, දැනට පවතින ප්‍රථම පන්තියේ ක්‍රිකට් තරඟාවලිය ගැන සලකා බලා එහි ව්‍යුහය අවම වශයෙන් කණ්ඩායම් 08 ක් හා උපරිම කණ්ඩායම් 14 ක් ලෙස පවත්වාගෙන යාමටත් එහිදී යෝජනා වී තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට කමිටුවක් පත්කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

අමාත්‍ය නාමල් රාජපක්ෂ ගේ අනුමැතිය පරිදි මෙම කමිටුව නම් කිරීමට නියමිත අතර ඒ සඳහා සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළත් වෙයි.

දැනට වාර්තා වන අන්දමට ඒ සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන අරවින්ද සිල්වා, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම හා මුත්තයියා මුරලිදරන් ඇතුළත් වෙයි.