FAST NEWS

24×7 Around the Globe

සංගක්කාරට හිමිවූ අලුත් තනතුර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග වදින රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස පත් කර ඇත.  

කණ්ඩායමේ නායකත්වය ද සංජු සැම්සන් වෙත පැවරීමට කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගෙන ඇති අතර , මීට පෙර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ස්ටීවන් ස්මිත් සංචිතයෙන් නිදහස් කිරීමට ද තීරණය කෙරුණි.

ඒ, පසුගිය තරග වාරයේ දී රාජස්ථාන් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වෙමින් දැක් වූ අසාර්ථකත්වය පදනම් කර ගනිමින්.