කුසල් මෙන්ඩිස්ගෙගෙන් වාර්තාවක්

කුසල් මෙන්ඩිස්ගෙගෙන් වාර්තාවක්

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් පිට පිට 4 වැනි වරටත් අද (14) ලකුණු නොලබා දැවී ගියේය.  

ඒ, එංගලන්තය සමග අද ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ දී ද ඔහු ලකුණු නොලබා දැවී යාමත් සමගයි.

ඒ අනුව ටෙස්ට් තරගවලදී ලකුණු නොලබා අඛණ්ඩව සිව් වරක් දැවී ගිය තෙවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස කුසල් මෙන්ඩිස් අද ඉතිහාසයට එක්විය.

මීට පෙර ගයි ද අල්විස් (1986-88) සහ නුවන් ප්‍රදීප් (2015) / (2017) මෙලෙස අඛණ්ඩව සිව්වරක් ලකුණු නොලබා දැවී ගොස් තිබුණි.

 

CATEGORIES

COMMENTS

Wordpress (0)