FAST NEWS

24×7 Around the Globe

පොප් ගායිකා ජෙනිෆර් ලොෆේස්ගේ නවතම චිත්‍රපටය [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – ජනප්‍රිය ඇමෙරිකානු පොප් ගායිකා ජෙනිෆර් ලොෆේස් කාලයකට පසුව චිත්‍රපට නිෂ්පාදනයට යොමුව ඇති බව වාර්තා වෙයි.  

ජෙනිෆර් අවසන් වරට චිත්‍රපටයක් නිෂ්පාදනය කරනු ලැබුවේ 2018 වසරේදීය. ඒ ‘සෙකන්ඩ් ඇට්’චිත්‍රපටය සඳහාය.

එම චිත්‍රපටයේද ප්‍රධාන චරිතය ජෙනිෆර් විසින් නිරූපණය කරනු ලැබීය.

ලබන වසරේ ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති ‘මැරී මි’චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදුකළ ජෙනිෆර් විසින්ම මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීම ද තවත් විශේෂත්වයක්.