FAST NEWS

24×7 Around the Globe

කුසල් මෙන්ඩිස් ගැන තීරණයක් ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු අප්‍රිකානු තරගාවලියේදී අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් මේ වන විට මුහුණු පොතේ නොයෙකුත් පොස්ට් හුවමාරු වෙමින් තිබේ.

ඒ සමඟම එළඹෙන එංගලන්ත ටෙස්ට් තරගාවලියට නම් කරන ශ්‍රී ලංකා සංචිතයට ඔහු ඇතුළත් කිරීම ගැන තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා සිටියේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරඟය පරාජයට පත්වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.