(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ගේ සමාජ මාධ්‍ය ගිණුමකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබේ.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ධනංජය සිල්වා සඳහන් කර ඇත්තේ තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමට මෙසේ සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි.
දකුණු අප්‍රිකාව සමග පැවති පළමු ටෙස්ට් තරගය අතර වාරයේදී ධනංජය සිල්වා ආබාධයකට ලක්වීම නිසා ඔහුට ඉතිරි තරග වලින් විවේක ගැන්වීමට ක්‍රිකට් බලධාරීන් පියවර ගනු ලැබීය
ධනංජය සිල්වා ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ තිබු සියලුම ජයාරූප මේ වන විට ඉවත් කොට ඇත.
තම ගිණුම නැවත ලබා ගැනීම සඳහා මේ වන විට කටයුතු කර ඇති බවද මෙහිදී ධනංජය සිල්වා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
මිට පෙර ප්‍රකට ධාවන ශුරයෙකු වන ඩිලන්ත මාලගමුවගේ ඉන්සටර්ග්‍රෑම් ගිණුමට ද සයිබර් ප්‍රහාරයක් එල්ල විය.









