FAST NEWS

24×7 Around the Globe

තිලකරත්න ඩිල්ෂාන්ට ICC යෙන් නම්බු නාමයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පිතිකරුවෙකු ලෙස කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගෙන සිටියද තුන් ඉරියව්වෙන්ම සිය දක්ෂතාවන් උපරිම ලෙස විදහා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයෙක් බව අවිවාදයෙන් යුතුව පිළිගත හැකි දෙයකි.   

ඔහු පන්දු රැකීමෙන් සහ පන්දු යැවීමෙන් ද ඉහළ දක්ෂතා දක්වමින් කණ්ඩායමට ජයග්‍රහණ රැසක් ගෙන ඒමට සමත්ව ඇත.

ඒ අතර ඔහු පන්දු යවමින් ඔහු විසින්ම උඩ පන්දු රැක ගත් අවස්ථා ද ඇත.

පසුගිය දිනක ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඩිල්ෂාන්ගේ එම දක්ෂතාවය පිළිබද වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ පන්දු යවමින් උඩ පන්දු රැක ගැනීමේ රජු තිලකරත්න ඩිල්ෂාන් බවටයි. (The King of caught and bowled!)