රජිනිකාන්ත් හදිසියේ රෝහල්ගත කරයි

රජිනිකාන්ත් හදිසියේ රෝහල්ගත කරයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – දකුණු ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.   

ඔහුට ඇති වූ හදිසි හෘදයාබාද තත්ත්වයක් හේතුවෙන් මෙලෙස හයිද්‍රාබාද් හි ඇපලෝ රෝහල වෙත ඇතුළත් කර ඇති බවද අදාළ වාර්තාවල සඳහන්.

කෙසේවෙතත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ රජිනිකාන්ත් රෝහල්ගත කර ඇත්තේ කොවිඩ් ආසාදිතවීමක් හේතුවෙන් නොව අධික රුධිර පීඩනය හේතුවෙන් බවයි.

පසුගිය දිනක ඔහුට සිදුකරන ලද PCR පරීක්ෂණයකින් තහවුරු වූයේ ඔහුට කොවිඩ් ආසාදිත නොවන බවටයි.

CATEGORIES

COMMENTS

Wordpress (0)