(ෆාස්ට් නිව්ස් | පාකිස්තානය) – ස්ත්‍රී දූෂණවලට එරෙහිව දඬුවම් පැමිණවීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම හා දැඩි දඬුවම් පැමිණවීම වෙනුවෙන් නව නීතියකට අත්සන් තැබීමට පාකිස්තාන ජනාධිපතිවරයා කටයුතු කරයි.
මෙම නව නීතිය යටතේ ලිංගික අපරාධවලට සම්බන්ධ වරදකරුවන් පිළිබඳ ලේඛනයක් පවත්වාගෙන යාමටද කටයුතු කරනු ලබයි.
මෙහිදී වින්දිතයන්ගේ අනන්‍යතාව ආරක්ෂා කරනු ඇති අතර වරදකරුට රසායනික ක්‍රමවේදයක් හරහා ලිංගික අප්‍රාණිකත්වයට පත් කිරීමද මෙම නීතියට ඇතුළත් කර ඇත.
මෙවැනි නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණ ස්ථාපිත කිරීමට නියමිතය.
එම නඩු මාස 4ක් ඇතුළත විභාග කර අවසන් කිරීම එහි අරමුණය.
මෙම නව නීති හඳුන්වා දීම සිදුවූයේ ලාහෝර් නගරයෙන් බැහැරදී කාන්තාවක් සමූහ දූෂණයට ලක්වීමත් සමග මතුව ඇති විරෝධයත් සමගයි.
නගරය දක්වා වැටී ඇති මාර්ගයකදී එම කාන්තාව දූෂණයට ලක්ව ඇත්තේ ඇයගේ දරු දෙදෙනාද ඉදිරිපිටදීයි. ඊට පසුදින ප්‍රකාශයක් කළ ලාහෝර් පොලිස් ප්‍රධානියා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් යම් දුරකට අදාළ කාන්තාවද වරදකාරී බවයි.
වෙනත් ඇතැම් රටවල් දැනටමත් මෙවැනි අපරාධකරුවන්ට එරෙහිව ඔවුන්ගේ ශරීරයේ ටෙස්ටස්ටෙරෝන් හෝමෝන සාන්ද්‍රණය අඩු කිරීම සඳහා කටයුතු කරනු ලබයි.
ඉන්දුනීසියාව එම ප්‍රතිපාදන සම්මත කළේ 2016දීයි. පෝලන්තය 2009දී ළමයින් අපයෝජනයට ලක්කරන තැනැත්තන්ට එරෙහිව එය අනිවාර්ය කළේය.









