FAST NEWS

24×7 Around the Globe

රසල් ආනල්ඩ්ට අනුව හොඳම LPL කණ්ඩායම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රසල් ආනල්ඩ් විසින් මෙවර LPL තරඟාවලියේ මේ දක්වා දක්ෂතා දක්වා ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් හොදම 11 දෙනාගේ කණ්ඩායම නම් කර ඇත.  

ඔහු එය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එය සඳහන්කර ඇති අතර , එම කණ්ඩායමට ඔහු විසින් නායකයෙකු නම් කර නොමැත.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ විස්තර විචාරකයෙකු ලෙස ද රසල් ආනල්ඩ් කටයුතු කරයි.

රසල් නම් කළ LPL කණ්ඩායම පහතින් ,

ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, දිනේශ් චන්දිමාල්, අසේල ගුණරත්න, දසුන් ශානක, තිසර පෙරේරා, වනිඳු හසරංග, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර.