FAST NEWS

24×7 Around the Globe

රවීන්ද්‍ර ජඩේජා තරඟයෙන් ඉවතට

(ෆාස්ට් නිව්ස් | ඔස්ට්‍රේලියාව) – ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන හා තෙවන 20 – 20 තරඟ අහිමි වී තිබේ.    

ඒ, පළමු 20යි 20 තරඟයේදී ඔහුගේ හිස් ආවරණයේ පන්දුවක් වැදීමෙන් සිදුවූ අනතුර හේතුවෙන්.

ඔහු වෙනුවට ශර්දුල් තාකූර් ඉන්දීය 20යි 20 සංචිතයට නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

අනතුර හේතුවෙන් තරගයේ දෙවන ඉනිමේ දී (ඔස්ට්‍රේලියානු ඉනිමේ දී) කණ්ඩායමේ වෙනස්කමක් ද සිදු කෙරුණු අතර, ඒ අනුව ජඩේජා වෙනුවට යුස්වේන්ද්‍ර චහෙල් කණ්ඩායමට ආදේශ කිරීමට පියවර ගත්තේය. තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ යුස්වේන්ද්‍ර චහෙල්.

මෙම අනතුර සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ඉන්දීය ක්‍රිකට් ආයතනය තහවුරු කර සිටියේ රවීන්ද්‍ර ජඩේජා හිස ආශ්‍රිත ආබාධ තත්ත්වයකට ගොඳුරු වී ඇති බවයි.

අනතුර සිදුවීමට පෙර ඔහු පාදයේ ආබාධයකට ද ගොදුරු සිටිනු දැකගන්නට ලැබුණි.