FAST NEWS

24×7 Around the Globe

ඔලිම්පික් තරඟ සඳහා ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාවත් එක්වන ලකුණු

(ෆාස්ට් නිව්ස් | ඩුබායි) –  ඔලිම්පික් තරඟ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර ගැනීම කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.   

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය රටවල් රැසක ක්‍රිකට් පාලක මණ්ඩල වෙත දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් එම රටවල් දක්වන දායකත්වය සහ ඔලිම්පික් කමිටු දක්වන සහයෝගය සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසටයි.

අවසන් වරට ඔලිම්පික් තරඟාවලියක් සඳහා ක්‍රිකට් තරඟ ඉසව්වක් ලෙස ඇතුළත් කෙරුණේ 1900 වසරේදීයි.