FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාවකාලිකව වැසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දින කිහිපයකට තාවකාලිකව වසා තැබීමට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇත.   

රට තුළ කොවිඩ් 19 වෛරසයේ අවධානම යළිත් ඇතිවී තිබෙන නිසා මෙම තීරණය ගැනීමට අදාළ බළධාරීන් කටයුතු කර ඇත.

ඒ අනුව බාහිර පුද්ගලයින්ට ක්‍රිකට් ආයතයට ඇතුළුවීමට අවසර හිමිනොවන අතර අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා පමණක් කාර්යය මණ්ඩල සාමාජිකයින්ට ඇතුළුවීමට අවසර ලබාදී තිබේ.