කාන් උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ශ්‍රී ලංකාවේ දෙමළ සරණාගතයින් ගැන කියවෙන ‘දීපන්’ චිත්‍රපටයට

කාන් උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ශ්‍රී ලංකාවේ දෙමළ සරණාගතයින් ගැන කියවෙන ‘දීපන්’ චිත්‍රපටයට

68 වන කාන් සිනමා උළෙලේ හොඳ ම චිත්‍රපටයට හිමි සම්මානය ශ්‍රී ලංකාවේ දෙමළ සරණාගතයින් පිළිබඳ සාකච්ඡා කෙරෙන ‘දීපන්’ චිත්‍රපටයට හිමි වී තිබේ.

පුරා සිටින කලාකරුවන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් මෙවර කාන් සිනමා උළෙල අති උත්කර්ශවත් ලෙස ප්‍රංශයේදී පැවැත්විණ.

එහිදී සම්මාන උළෙලේ හොඳ ම චිත්‍රපටයට හිමි ‍සම්මානය හෙවත් පාම් දී ඕ සඳහා චිත්‍රපට 19ක් නිර්දේශ වී තිබිණ‍.

‘දීපාන්’ එම සියලු චිත්‍රපට පරදමින් අවසානයේ හොඳ ම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ ය.

‘දීපන්’ ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ජැක්ස් ඕඩියඩ්ගේ අධ්‍යක්ෂණයකි.

ප්‍රංශයට පලා ගිය ශ්‍රී ලාංකීය ද්‍රවිඩ සරණාගතයෙකු නව ජීවිතයක් ආරම්භ කිරීමට උත්සාහ ගන්නා ආකාරය එම චිත්‍රපටයෙන් නිරූපිත ය.

සිනමා උලෙලේ හොඳ ම චිත්‍රපට අතර දෙවන ස්ථානය හිමි වුණේ හංගේරිනානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුගේ සන් ඔ‍ෆ් සෝල් චිත්‍රපටය යි.

මෙවර කාන් සිනමා උලෙළේ හොඳ ම නිළියට හිමි සම්මානය සම සම්මානයක් ලෙස ලබා දුන්නේ ය.

ඊට හිමිකම් කීවේ ප්‍රංශ තරුණියන් දෙදෙනෙකුගේ සම ලිංගික ආදරයක් වටා ගෙතුණු කැරොල් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් අමෙරිකානු නිළි රූනි මාරා සහ මොන් රෝයි නම් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ප්‍රංශ නිළි එමානුවෙන් බර්කෝට් ය.

ද මෙෂර් ඔ‍ෆ් ද මෑන් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ප්‍රංශ නළු වින්සන් ලින්ඩන් හොඳ ම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ ය