FAST NEWS

24×7 Around the Globe

ඉසුරු උදානගේ දක්ෂතා වලට තවත් අවස්ථාවක්

(ෆාස්ට් නිව්ස් | ඩුබායි) – IPL තරඟාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරඟය අද (05) පැවැත්වීමට නියමිතය.   

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන බැංගලෝර් කණ්ඩායම නියොජනය කරන අතර පසුගිය තරඟ දෙක තුළ දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු අද පැවැත්වෙන තරඟයට ද ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඉසුරු උදාන මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන එකම ක්‍රීඩකයාය.