FAST NEWS

24×7 Around the Globe

නාමල් අනෙක් අමාත්‍යවරුන්ට ආදර්ශයක් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කතරගම පැවැත්වීමට නියමිත 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ වියදම් කපා හැරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව තරගාවලිය ආවරණය කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන් ප්‍රමාණය පවා අඩු කරන ලෙස අමාත්‍යංශයෙන්දැනුම් දී ඇත.

මීට පෙර මාධ්‍යවේදීන් සදහා නවාතැන් ලෙස සුපිරි හෝටල් ලබා දී තිබුණි.

නමුත් මෙවර ඔවුන් සඳහා රජයේ නිවාඩු නිකේතන ඒ සදහා භාවිත කිරීමටද තීන්දු කර තිබේ.