(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නැවත වරක් කල් ගොස් තිබේ.
ඒ නිරෝධායන කාල සීමා සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අතර හටගෙන ඇති අර්බුදය හේතුවෙනුයි.
ශ්‍රී ලංකා සෞඛ්‍ය රෙගුලාසි අනුව විදේශයන්හි සිට පැමිණෙන ඕනෑම අයෙකු දින 14 ක නිරෝධායන කාලසීමාවකට යටත් වීමට සිදුවන අතර , බංග්ලාදේශය ඉල්ලා සිටින්නේ එය දින 07 කට සීමා කරන ලෙසයි.








