FAST NEWS

24×7 Around the Globe

මෙවර IPL සමාරම්භක තරඟය ඉතිහාසගත වෙයි

(ෆාස්ට් නිව්ස් | ඩුබායි) – මෙවර IPL තරඟාවලියේ සමාරම්භක තරඟය ලොව පුරා කෝටි 20 ක ජනතාවක් රූපවාහිනිය හා අන්තර්ජාලය ඔස්සේ සජීවීව නරඹා ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. 

ලොව වැඩිම ජනගහනයක් ජාත්‍යන්තර ක්‍රීඩා තරඟාවලියක සමාරම්භක දිනය නැරඹූ අවස්ථාව ලෙසින්ද මෙය වාර්තා වෙයි.

මෙවර IPL තරඟාවලියේ සමාරම්භක තරගය සැප්තැම්බර් 19 වැනි සෙනසුරාදා පැවැත්වුණු අතර , චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම හා මුම්බායි ඉන්ඩියන්ස් පිළ එහිදි තරඟ වැදුණි.

කොරෝනා වසංගතය හමුවේ ක්‍රීඩංගන වලට කිසිදු ප්‍රේක්ෂකයෙක් ඇතුලත්කර නොගැනීම හමුවේ මෙලෙස IPL තරඟාවලියේ රූපවාහිනි හා අන්තර්ජාල නැරඹුම්වාර සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවට අනාවරණ වී ඇත.

අද දිනයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම අතර තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතය.