FAST NEWS

24×7 Around the Globe

ගෝලීය කොවිඩ් 19 ආසාදිතයන් කෝටි 03 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොඩිඩ් 19) – ලොවපුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට කෝටි 03 ඉක්මවා ගොස් ඇත. 

එම සංඛ්‍යාව 30,025,096 ක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ලොවපුරා මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 944,677 ක් ලෙසයි.

ඊයේ දිනයේදීත් වැඩිම ආසාධිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනුයි. එය 97,000, 859 ක්.

මේ දක්වා එක් රටකින් දිනයකදී වාර්තාවූ වැඩිම කොවිඞ් රෝගීන් ගණනද එයයි.

එමෙන්ම ඇමරිකාවේ ගතවූ පැය 24 දී කොරෝනා මරණ දහස ඉක්මවා ගොස් ඇත.

කෙසේවෙතත් ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා නොවූ අතර , ඒ අනුව මෙරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් 3271 ක් ලෙසට පවතියි.