FAST NEWS

24×7 Around the Globe

ලේඩි ගාගාට ‘MTV’ සංගීත සම්මාන උළලේදී සම්මාන රැසක්

(ෆාස්ට් නිව්ස් | ඇමෙරිකාව) –  ඇමෙරිකානු පොප් ගායිකා ලේඩි ගාගාට පසුගියදා පැවති ‘MTV’ සංගීත සම්මාන උළලේදි සම්මාන රැසක් දිනා ගැනීමට හැකියාව ලැබිණි.   

අගෝස්තු 30 වැනිදා නිව්යෝර්ක් සිටිහි පැවති මෙම සම්මාන උළලේදී ලැඩි ගාගාට හිමිවූ සම්මාන ගණන 5කි.

ඒ සම්මාන අතර, වසරේ හොඳම ගයන තරුව ලෙසද, වසරේ හොඳම ගීතය ලෙස ඇයගේ ‘රේන් ඔන් මී’ කියන ගීතයටද ප්‍රධාන සම්මාන හිමිව තිබීම විශේෂත්වයකි. වසර කිහිපයකට පසුව ඇයට මෙම සම්මාන උළලේදී සම්මාන රැසක් දිනා ගැනීමට හැකි වූ බව ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියාය.