FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් |  බංග්ලාදේශය) – බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සායිෆ් හසන්ටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.   

එළඹෙන ශ‍්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් සූදානම් වන ක‍්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර ඇති අතර එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

එමෙන්ම බංග්ලාදේශ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු වන නික් ලී හටද කොරෝනා වෛසරය ආසාදනය වී තිබේ.

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරග 3ක් පැවැත්විමට නියමිතයි.

ඊට සහභාගිවීම සදහා බංග්ලාදේශ කණ්ඩායම ලබන 27 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව ඇත.