FAST NEWS

24×7 Around the Globe

හිරුණි නව ශ්‍රී ලංකා වාර්තාවක් තබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිරුණි විජේරත්න, මීටර් 5000 කාන්තා ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරන්නට ඊයේ (16) සමත් විය.

ඇය මෙම නව ශ්‍රී ලංකා වාර්තාව බිහිකළේ ඇමරිකාවේ නැෂ්විල් හිදී පැවති මළල ක්‍රීඩා තරඟයක් අතරතුර මිටර් 5000 ඉසව්ව විනාඩි 16යි තත්ත්පර 17.51 කින් නිමා කරමිනි.

හිරුනි බිඳ හෙලුවේ ගෙවුණු වසරේදී නිලානි රත්නායක මෙම ඉසව්වෙන් බිහිකර තිබූ ශ්‍රී ලංකා වාර්තාවයි.