FAST NEWS

24×7 Around the Globe

පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවන් 20 ක් කොන්ත්‍රාත්ගත කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ක්‍රිකට් තරඟ විනිශ්චය කටයුතු සඳහා පූර්ණ කාලීනව කැපව සිටින පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවන් 20 දෙනෙකු සමඟ වාර්ෂික කොන්ත්‍රාත්තුවකට එළැඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.   

දීපාල් මදුරප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් විනිසුරු කමිටුව කරන ලද යෝජනාවකට ප්‍රතිචාර දක්වමින් පසුගියදා රැස්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු ඒ සඳහා අනුමැතිය ලබා දී තිබේ.

මෙම කොන්ත්‍රාත් ලබාදීම කාණ්ඩ 3 ක් යටතේ සිදුකර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විනිසුරුවරුන් වෙනුවෙන් කොන්ත්‍රාත්තුවක් ලබා දුන් පළමු අවස්ථාව ද මෙය වෙයි.

එහිදී ජාතන්තර තලයේ පසුවන විනිසුරුවන් 04 දෙනෙකු, නැගී එන කණ්ඩායමේ විනිසුරුවන් 06 දෙනෙකු සහ පළමු පෙළ විනිසුරුවරුන් 10 දෙනෙකු මේ සඳහා සුදුසුකම් ලබනු ඇත.