FAST NEWS

24×7 Around the Globe

ජාන්වි කපූර්ගේ ‘ගුන්ජාන්’ ප්‍රචාරක පටය කරළියට

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ජාන්වි කපූර් රංගනයෙන් දායක වන දෙවැනි චිත්‍රපටය වන ‘ගුන්ජාන් – කර්ගිල් ගර්ල්’ චිත්‍රපටයේ ප්‍රචාරක පටය මීට දින කිහිපයකට පෙර නිකුත් කරනු ලැබීය.    

‘ධරම්’ චිත්‍රපට සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය ගෝලීය වසංගතය වූ ‘කොවිඩි 19’ වසංගතය හේතුවෙන් මෙය අන්තර්ජාලයේ පමණක් නැරඹිය හැකි චිත්‍රපටයක් ලෙස එළිදැක්වීමට කටයුතු කර ඇත.

ඉන්දීය ගුවන් හමුදාවට අමිල මෙහෙවරක් ඉටු කළ ‘ගුන්ජාන් සක්සේනා’ නම් හමුදා නිලධාරිණියගේ ජීවිත කතාව අලලා මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබේ.