FAST NEWS

24×7 Around the Globe

ප්‍රීති සින්ටා ස්වයං නිරෝධායනය අතරතුර වගාවටත් යොමුවෙයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – බොලිවුඩයේ සුරූපී නිළි ප්‍රීති සින්ටා මේ වන විට ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ ජිවත් වන්නේ සිය සැමියා වූ ජින් ගුඩ්නොෆ් සමගින්. 

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලොස් ඇන්ජලිස් නගරය මේ වනවිට මුළුමණින්ම වසා ඇති අතර, ප්‍රිටි ඇතුළු පවුලේ සියලු දෙනාම ස්වයං නිරෝධායනය කටයුතුවල නිරත වෙමින් සිටියි.

ප්‍රිටි සින්ටා මෑතකදී සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමට විඩියෝවක් නිකුත් කර තිබුණ අතර, එහි දකින්නට ලැබුණේ ඇය විසින් කළ වගා කටයුතු කිහිපයකි.

එම විඩියෝවේදී ප්‍රිටි විසින් සිටුවන ලද තාක්කාලි පැලයක ගෙඩියක් කඩමින් සිටින අතර, ප්‍රිටි පවසන්නේ එය රසවත් ආහාර වේලක් සඳහා යොදා ගන්නා බවය.