FAST NEWS

24×7 Around the Globe

මෙරට ජාතිකාභිමානී ගීත අතරට එකතුවන ‘කල්පයක් හෝ බලා ඉන්නම්’

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   මෙරට ශ්‍රී විභූතිය,ශ්‍රී ලංකීය අභිමානය විදහා දැක්වෙන නව ගීතයක් පසුගියදා එළි දැක්විය.

මෙහි ගී පද රචනය ප්‍රවීණ ගේය පද රචක වසන්ත කුමාර කොබවක විසින් වන අතර සංගීත නිර්මාණය ප්‍රවීණ සංගීතවේදී සමන්ත පෙරේරා විසිනි.

මෙම ගීතය ගායනය කරනු ලබන්නේ ආධුනික ශිල්පිනියක වන නීරංගා හේමපාල විසිනි. ඇය වෘත්තියෙන් නීතිඥවරියක් වන අතර මීට පෙරද ඇය විසින් ගීතයක් එළිදක්වනු ලැබීය.

නමුත් මෙවර නිර්මාණය කළ ගීතය අපුර්ව රූප රචනයක්ද සහිතව මේ වන විය එළිදක්වා තිබේ.

එම ගීත නිර්මාණය පහතින්.