FAST NEWS

24×7 Around the Globe

පුරප්පාඩු වූ ක්‍රිකට් උප සභාපති ධුරය ජයන්ත ධර්මදාසට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කේ. මතිවානන් මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරය වෙනුවෙන් ජයන්ත ධර්මදාස මහතා පත් කර ඇත. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ඒකමතිකව එම තීරණය ගත් බව පැවසේ.

ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මතිවානන් මහතා පෙන්වා දී ඇත්තේ වත්මන් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවය.

ඒ අනුව හිටපු ක්‍රිකට් සභාපතිවරයකු වන ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව උප සභාපති ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව ඒකමතිකවම තීරණය කර තිබේ.