FAST NEWS

24×7 Around the Globe

අවස්ථා කීපයකදීම කල් ගිය ආලියා – රන්බීර්ගේ විවාහය

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – විවිධ හේතූ නිසා අවස්ථා කිහිපයකදීම මේ වසරේදී සිය විවාහයේ සිදුවන බවට දින නියම කළ බොලිවුඩයේ සුරූපී සිනමා නිළි ආලියා භාට්ගේ විවාහය කවදා කෙදිනක සිදුවනවාද යන්න තවමත් නිශ්චිතව වාර්තා නොවේ.    

සිය පෙම්වතා වූ සිනමා නළු රන්බීර් කපූර්ගේ පියා රිෂි කපූර්ගේ හදිසි වියෝව නිසාවෙන් මෙම විවාහය කිහිප වරක් කල් දමන්නට ආලියා හා රන්බීර්ට සිදුවිය.

වසරකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රිෂි හදිසියේම ජීවිතක්ෂයට පත්විය.

කෙසේ වෙතත් ආලියා, රන්බීර් නුදුරේම විවාහ වීමට සූදානමින් සිටින බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.