FAST NEWS

24×7 Around the Globe

කුසලට එරෙහිව විනය පරීක්‍ෂණ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කි‍්‍රකට් කී‍්‍රඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීම කෙරෙහි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමු වෙයි.

ඒ පසුගියදා රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබීම හේතුවෙනි.

අදාළ යෝජනාව අද (27) පැවැත්වෙන කි‍්‍රකට් කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ගිවිසුම්ගතව සිටින කී‍්‍රඩකයින් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදුකිරීමේ බලය ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සතුවන අතර ක්‍රීඩකයින් අතින් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් මෙවැනි විනය පරීක්ෂණයක් සිදුකිරීමට යෝජනා වී ඇත.

මේ අතර මෙම රිය අනතුරෙන් මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් වෙත රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් ලබාදීමට කුසල් මෙන්ඩිස් පසුගියදා අධිකරණයේදී එකග විය.