FAST NEWS

24×7 Around the Globe

කි‍්‍රකට් විනිසුරුවරුන්ට උසස්වීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය යටතේ සිටින කි‍්‍රකට් විනිසුරුවරුන් 133 දෙනෙකුට උසස්වීම් පිරි නැමේ.

පැවති උසස්වීම් විභාගය සමත් විනිසුරුවරුන්ට මෙසේ උසස් වීම් ලබාදුන් බව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසයි.

ලිඛිත සහ සම්මුඛ පරික්ෂණද එහිදී පැවැත්වු අතර විනිසුරුවරුන් හතරදෙනෙකු පළමු ශ්‍රේණියට උසස්වීම් ලබා දී ඇත.

දෙවන ශ්‍රේණියට උසස්වීම් ලැබූ සංඛ්‍යාව 10 කි. විනිසුරුවරුන් 29 දෙනෙකු තුන් වන ශ්‍රේණියට සහ 90 දෙනෙකු හතරවන ශ්‍රේණියටත් උසස් වීම් ලැබූ බවයි කි‍්‍රකට් ආයතනය සදහන් කරයි.