FAST NEWS

24×7 Around the Globe

මෙවර IPL තරඟාවලිය එමීර් රාජ්‍යයේදී

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) –  මෙවර IPL ක්‍රිකට් තරඟමාලාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට තීරණය කර ඇත.   

එහි සංවිධායකයින් පවසන්නේ ලබන සැප්තැම්බර් 26 වනදා සිට නොවැම්බර් 7 වනදා තෙක් කාල සීමාව ඊට යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මෙවර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟමාලාව කල් යාම හමුවේ එම කාලසීමාව ලබා ගැනීමට ඔවුන් සැලසුම් කර ඇත.

සංවිධායකයින් පවසන්නේ එමීර් බලධාරීන්ගේ අවසරය ලැබුණහොත් නරඹන්නන් කැඳවීමටද බලාපොරොත්තු වන බවයි.

පසුගිය අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත වූ IPL තරඟමාලාව කොරෝනා වසංගතය හේතුවෙන් කල් දමනු ලැබීය.