FAST NEWS

24×7 Around the Globe

ආක්ෂේගේ “බෙල් බොටම්” ලබන මස සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුපිරි බොලිවුඩ් සිනමා නළු අක්ෂේ කුමාර් ප්‍රධාන චරිත නිරූපණය කරන “බෙල් බොටම්” චිත්‍රපටයේ රූපගත කිරිම් ලබන මාසයේදී ආරම්භ කිරීමට සූදානම් කර තිබෙන බව සඳහන් වේ.

එංගලන්තයේ ලන්ඩන් නුවර මෙහි රූපගත කිරිම් මාර්තු මාසයේදී සිදු කරන්නට නියමිතව තිබුණ අතර, කොරෝනා වෛයිරසය ලොවපුරා ව්‍යාප්තවීම හේතුවෙන් මෙහි සැළස්ම වෙනස් විය.

ආක්ෂේ කුමාර් සමග සුරූපි වානි කපූර් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, අක්ෂේ සමග චිත්‍රපට කිහිපයකම සිනමා පෙම්වතියන් ලෙස රංගනයෙන් දායක වූ උමා කුරේෂි හා ලාරා දත්තාද මෙහි උප ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වීමට නියමිතව ඇත.