රියාල් මැඩ්රීඩ් පාපන්දු කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිව් වැනි වරට ත් Golden boot සම්මානය හිමි කර ගත්තේ ය.
යුරෝපීය ලීග් තරගාවලියන්හි වැඩි ම ගෝල සංඛ්‍යාවක් රැස් කර ගන්නා ක්‍රීඩකයාට වසරේ යුරෝපීය ගෝල්ඩන් බූට් සම්මානය පිරිනමයි.
පෘතුගාල ජාතික ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, මෙවර ස්පාඤ්ඤ පාපාන්දු ලිග් තරගාවලියේදී රැස් කර ගෙන ඇති ගෝල සංඛ්‍යාව 48කි.
ඒ අනුව ඔහුට මෙවර යුරෝපීය ගෝල්ඩන් බූට් සම්මානය හිමි විය.
රොනාල්ඩෝ මීට පෙර එම සම්මානය තෙවරක් හිමි කර ගෙන තිබේ.
ඒ, 2008, 2011 සහ 2014 යන වසරවලදී ය.
ඒ අනුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වැඩි ම වාර සංඛ්‍යාවක් යුරෝපීය ගෝල්ඩන් බූට් සම්මානය හිමි කර ගත් ක්‍රීඩකයා ද වේ.
මීට පෙර තෙවරක් එම සම්මානය හිමි කර ගෙන තිබුණේ, ආජන්ටිනා ක්‍රීඩක ලියොනල් මෙසී ය.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ රියාල් මැඩ්රීඩ් පාපන්දු සමාජය වෙනුවෙන් වැඩි ම ගෝල සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා ද වේ.







