FAST NEWS

24×7 Around the Globe

CPL 20 – 20 සඳහා දින නියම වෙයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – 2020 වසරේ කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) 20 – 20 ක්‍රිකට් තරගාවලිය සදහා දින නියම කරගත් බව පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරනු ලැබුවේය.  

ඒ අනුව අගෝස්තු මස 18 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා මෙම වසරේ කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙනු ඇත.

නිරෝධායන ක්‍රියාවලි අනුගමනය කරමින් මෙම තරගාවලිය පැවැත්වීමට ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ පාලනය අනුමැතිය ලබා දුන් බවද මේ සම්බන්ධයෙන් කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දක්වා තිබේ.

ඒ අනුව ඔවුන් සියලු දෙනා සති දෙකක දැඩි නිරෝධායන ක්‍රියාවලියකට යටත්ව කටයුතු කළ යුතු වෙයි.

එහිදී ඔවුන් නැවාතැන් ගන්නා හෝටල් කාමර තුළම අදාළ නිරෝධායන කටයුතු සිදුකරන අතර, මෙම තරගාවලිය සඳහා පැමිණෙන සියලුම විදෙස් ජාතිකයන් පිටත්ව ඒමට පෙර කොවිඩ් වෛරසය වෙනුවෙන් PCR පරීක්ෂණයක් සිදුකර එයින් වෛරස ආසාදනය වී නොමැති බව තහවුරු විය යුතු අතරම කොදෙව් දේශයට ළඟාවූ වහාමත් ඔවුන් කොවිඩ් පරීක්ෂාවක් සඳහා යොමුවීම අනිවාර්ය වේ.