FAST NEWS

24×7 Around the Globe

මහින්දානන්දගේ පාවදීමේ චෝදනාවට උත්තර දෙන්න අරවින්ද සුදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු කි‍්‍රකට් ක‍්‍රීඩක සහ හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා හෙට(30) කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිතය.

ඒ 2011 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලංකාව අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ඉකුත් සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙනි.

ඒ අනුව අරවින්ද ද සිල්වා හෙට පස්වරු 02.30 ට ප‍්‍රකාශයක් ලබාදීමට කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයට කැඳවා ඇති බව එම ඒකකයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා පවසයි.

2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සමයේදී ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ අරවින්ද ද සිල්වායි.

හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දනන්ද අලූත්ගමගේ ඉකුත් දා ප‍්‍රකාශ කර තිබුණේ අවසන් මහා තරගයේදී කී‍්‍රඩකයින් සිව්දෙනෙකු සිය අනුමැතියකින් තොරව කණ්ඩායමට ඇතුළත් කර තිබූ බවයි. ඊට අදාලව අරවින්ද ද සිල්වාගෙන් මෙලෙස ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය ඉකුත් දා ශ‍්‍රි ලංකා කි‍්‍රකට් ආයතනයට ගොස් මෙම පරීක්ෂණවලට අදාළ ලිපි ගොනුද ලබා ගත්තේය.