FAST NEWS

24×7 Around the Globe

ඡන්ද පත්‍රිකා මුද්‍රණය හෙටින් අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි මහ මැතිවරණයේ ඡන්ද පත්‍රිකා හා ගෘහ දැන්වීම් පත්‍රිකා මුද්‍රණය හෙට(28) දිනයේදී අවසන් කිරීමට රජයේ මුද්‍රණාලය සැලසුම් කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද(27) දිනයේදී සිදුකරන බව රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පැවසුවාය.

එසේම, මුද්‍රණය අවසන් කළ ත්‍රිකුණාමලය සහ මහනුවර දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා හෙට දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දෙන බව ද රජයේ මුද්‍රණාලායාධිපතිනිය වැඩිදුරටත් පවසයි.