FAST NEWS

24×7 Around the Globe

පරිප්පු සහ සීනි මිල අඩුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පිටකොටුව තොග වෙළදපොලේ පරිප්පු, සුදු සිනී ඇතුළු භාණ්ඩ කිහිපයක මිල තවදුරටත් අඩු වී තිබේ.

පසුගිය දින වල රුපියල් 375ට පමණ පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 350 දක්වා අඩුවී තිබේ.

එමෙන්ම රුපියල් 290ට පමණ පැවති සුදු සිනී කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 225 දක්වා අඩු ව ඇති බව අත්‍යාවශ්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේය.