FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් පාවා දීම ගැන ICC යේ ඉදිරි පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයේදී තරඟ පාවාදීමක් සම්බන්ධයෙන් එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශයෙන් රටේම අවධානය ඒ සම්බන්ධයෙන් යොමුව තිබේ.

නමුත් මෙතෙක් ජගත් ක්‍රිකට් කවුන්සිලය වෙත ඒ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් කිසිවෙකු හෝ සිදුකර නොමැති බව ICC  ආරංචි මාර්ග පවසයි.

ICCහි මාධ්‍ය ප්‍රකාශක රාජ් ශංකර් රා ඕ පවසන්නේ, මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණයක් සිදුකිරීමට හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් බලාපොරොත්තු වන බවයි.

එමගින් හෙළි කර ගන්නා කරුණු අනුව අවශ්‍ය නම් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි ඔහු පවසන්නේ.