FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශයේ පාපන්දු තරඟ නැරඹීමට යළිත් අවස්ථාව

(ෆාස්ට් නිව්ස් | ප්‍රංශය) –  පාපන්දු තරඟ සඳහා නරඹන්නන් කැඳවීමට ප්‍රංශය යළිත් තීරණය කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පවසයි.  

ලබන මස 11 වනදා සිට එක් තරඟයක් සඳහා නරඹන්නන් 5000 ක් ගෙන්වා ගැනීමට ක්‍රීඩාංගනවලට අවසර ලබාදෙන බව ප්‍රංශ බලධාරීන් සඳහන් කර ඇත.

නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශවලට අනුව ඔවුන් ක්‍රීඩාංගනවලට ඇතුළත්කර ගැනීමට නියමිත අතර ,ඒ අනුව ලබන මාසයේ සිට ආරම්භ වන ප්‍රංශ පාපන්දු තරඟ සමයේදී තරඟ නැරඹීමේ අවස්ථාව ප්‍රංශ ජනතාවට හිමිව තිබේ.