FAST NEWS

24×7 Around the Globe

නරඹන්නන් නොමැතිව පැවැත්වෙන පාපන්දු තරඟාවලිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට කොවිඩ් – 19 ගෝලීය වසංගතය හේතුවෙන් නතර වී තිබූ එංගලන්ත අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය නරඹන්නන්ගෙන් තොර ක්‍රීඩාංගණවලදී සාර්ථක අන්දමින් ක්‍රියාත්මකයි.

ඊයේ (19) පැවති එවැනි තරඟයකදී සුප්‍රකට මැන්චෙස්ටර් යුනයිටඞ් කණ්ඩායම සහ ටොටෙනම් හොට්ස්පර් කණ්ඩායම ගෝල එක බැගින් ලබා ගනිමින් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

පසුගිය දෙසැම්බර් 26 වන දායින් පසු පිටියට පිවිසීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රීඩක පෝල් පොග්බා එහිදී මැන්චෙස්ටර් යුනයිටඩ් පිළ වෙනුවෙන් ගෝලයක් වාර්තා කළේය.