FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ ආසාදිතයින් ගණන ලක්ෂ 04ට ආසන්නයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 04කට ආසන්න වී තිබේ.

ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 14,721 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3 95,812 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.

ඊයේ දිනයේ වාර්තා වූ නව ආසාදිත මරණ 366 දෙනෙකු සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 12,970ක් දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඉන්දියාවේ වෛරසය ආසාදනය වූ රෝගීන් 214,206 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.