FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධානියෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

(ෆාස්ට් නිව්ස් | ඕස්ට්‍රේලියාව) –  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කෙවින් රොබර්ට්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.    

ඊට නිශ්ඡිත හේතුවක් සඳහන් කර නැතත් කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ කටයුතු කළ ආකාරය පිළිබඳ විවිධ පාර්ශවවලින් ඔහුට චෝදනා එල්ල වී තිබුණි.

2018 වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්වූ කෙවින් රොබර්ට්ස් සිය ධුර කාලය තවත් මාස 18 ක් ඉතිරිව තිබිය දී මෙසේ ඉල්ලා අස්වී තිබේ.

රොබර්ට්ස්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව පුරප්පාඩු වු ධුරය සඳහා තාවකාලික පදනම මත නික් හෝක්ලි පත් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.