FAST NEWS

24×7 Around the Globe

ආක්ෂේගේ බිරිඳ ටිවින්කල් යළිත් චිත්‍රපට නිෂ්පාදනයට

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – හින්දි සිනමා නිළියක් මෙන්ම වර්තමානයේ සුපිරි නළු ආක්ෂේගේ බිරිඳ ටිවින්කල් ඛන්නා යළිත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට සූදානමක් පවතින බවට බොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.   

2018 වසරේ තිරගත වූ ’පැඩ් මෑන්’ චිත්‍රපටය නිෂ්පාදනය කරමින් නිෂ්පාදිකාවක් ලෙස නමක් දිනාගත් ටිවින්කල් යළිත් ‘පැඩ් මෑන්’ මෙන් වෙනස්ම කතාවක් රැගත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට සූදානමින් පවතින බවට තොරතුරු ලැබේ.

ටිවින්කල් ‘පැඩ් මෑන්’ චිත්‍රපටය නිෂ්පාපදනය කරමින් ඉන්දීය ජාතික සම්මානයද හිමි කර ගැනීමට සමත් විය.