FAST NEWS

24×7 Around the Globe

කොරෝනා නිසා ඉන්දීය – ශ්‍රී ලංකා තරඟ සංචාරය කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය කල් දැමීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාව සමග ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලිය පැවැත්වීමට නොහැකි බව ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ එළඹෙන සතියේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානීන් සමග පැවැත්වෙන සාකච්ඡාවේදී නව දින තීරණය කිරීමටත්, මෙරට ක්‍රිකට් බලධාරින් සැලසුම් කර ඇති බවයි.