FAST NEWS

24×7 Around the Globe

පාකිස්තාන ක්‍රිකට් පුහුණුවීම් තවදුරටත් පමාවෙයි

(ෆාස්ට් නිව්ස් | පාකිස්තානය) – ලාහෝර් ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රමාණවත් පහසුකම් නොතිබීම ප්‍රධානම හේතුවක් කොටගෙන පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් නැවත ආරම්භ කිරිම සැලසුම් කල කාලසීමාවට වඩා ප්‍රමාද වී ඇත. 

පාකිස්ථාන වේග පන්දු පුහුණූකරු වන වකාර් යුනිස් මේ දනවල ඕස්ට්‍රේලියාවේ රැඳී සීටිමද පුහුණු කටයුතු පමා වීමට තවත් හේතුවක් වී තිබේ.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් සිටින්නේ  ක්‍රීඩකයින් 30 දෙනෙකු පමණ එකම කාලසීමාවකදී පුහුණු කිරීම්වලට යොමු කිරීමටයි.

එම ක්‍රිඩකයින් මේවන විටත් ලෙඛන ගතකර ඇති අතර , පුහුණු වැඩසටහනට පෙර ඔවුන් සියළු දෙනා කොරෝනා පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතයි.