FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුව තවදුරටත්

(ෆාස්ට් නිව්ස් | එංගලන්ත) – එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුව තවත් මාස දෙකකින් දීර්ඝ කිරිමට වෘත්තිය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය  අනුමැතිය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රීඩා කටයුතු අත්හිටුවීම නිසා ඇති වූ මූල්‍ය අර්බුධ හමුවේ මෙම වැටුප් කප්පාදුව සිදුකර තිබෙන බව ද එම වාර්තා පවසයි.

එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ වුවද මේ තෙක් ප්‍රාන්ත ක්‍රිකට් ඉසව් ඇරඹිම සම්බන්ධයෙන් තිරණයක් ගෙන නොමැත.