FAST NEWS

24×7 Around the Globe

පළමු වතාවට බොස්ටන් මැරතන් තරඟමාලාව අවලංගු කෙරේ

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙවර සුප්‍රකට බොස්ටන් මැරතන් තරඟමාලාව වසර 124 කට පසු පළමු වතාවට අවලංගු කර තිබේ.

ඒ කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන්.

සෑම වර්ෂයකම පැවැත්වෙන බොස්ටන් මැරතන් තරඟමාලාව ලබන සැප්තැම්බර් 14 වනදා තෙක් කල් දමා තිබුනත් එරට සංවිධායකයින් සඳහන් කළේ එදිනද මැරතන් ඉසව්ව නොපවත්වන බවයි.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ඇමරිකාව තුළ කොරෝනා වසංගතය තවදුරටත් පැතිරයමින් තිබීමත් හමුවේ.