FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයේ ක්‍රීඩා ඉසව් යළි ආරම්භ කිරීමට අවධානය

(ෆාස්ට් නිව්ස් | නවසීලන්තය) – නවසීලන්තයේ කොරෝනා වසංගතය පාලනය කිරීමත් සමඟ එරට වෘත්තීය මට්ටමේ ක්‍රීඩා කටයුතු ලබන සතියේදී ආරම්භ කිරීමට අවධානය යොමු වී තිබේ.

නිරෝධායන නීති ළිහිල් කෙරෙන ආකාරය අනුව මේ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය ග්‍රාන්ට් රොබට්සන් මහතා පවසයි.

එරටින් හමු වී ඇති සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 1489 ක් වන අතර මරණ 21 ක් වාර්තා වෙයි.