FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් පන්දුව ඔප දැමීම සඳහා නව ආලේපනයක්

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ක්‍රිකට් පන්දුව ඔප නැංවීම සඳහා ඛේටය වෙනුවට තාවකාලික පියවරක් ලෙස වැක්ස් ආලේපනයක් යෙදවීම පිළිබඳ අවධානය යොමු වී තිබේ.

ඒ කොරෝනා ගෝලීය වසංගතය හමුවේ පන්දුවෙහි ඛේටය ගැල්වීම අවදානම්සහගත බව හේතුවෙනි.

විදෙස් මාධ්‍ය සඳහන් කලේ මේ පිලිබඳ එංගලන්තයේ එම්.සී.සී. ක්‍රීඩා සමාජය සහ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ඉදිරියේදි තීරණයකට එළඹීමට නියමිත බවයි.

පන්දුව ඔප් නැංවීමට විශේෂිත වැක්ස් වර්ගයක් නිෂ්පාදනය කිරීමට ක්‍රිකට් පන්දු නිපදවන  ඕස්ට්‍රේලියානු කොකබූරා ආයතනය පියවර ගෙන ඇති අතර එය මසක් ඇතුළත භාවිතය සඳහා ලබාදීමටයි සැලසුම් කර ඇත.