FAST NEWS

24×7 Around the Globe

කොදෙව්වන් සහ එංගලන්තය අතර තරගාවලියත් කල් යයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) –  ලබන ජුනි මාස බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමතිව තිබු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට පියවර ගත් බව කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.

ඒ කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන්.

එංගලන්ත පිළේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය ද පසුගිය මාර්තු මාසයේ කොරෝනා වසංගතය හේතුවෙන් කල් දමනු ලැබුවේ පළමු ටෙස්ට් තරඟය පැවැත්වීමට සතියක් තිබියදීයි.